මාවනැල්ල ප්රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් මසදී අතුරුදන්වී තිබුණි.
ඒ පිළිබඳ ඥාතීන් පොලීසියට සිදුකළ පැමිණිලි අනුව ඔවුන් දෙදෙනා සොයා විමර්ශන ආරම්භ කෙරුණි.
එහිදී තරුණයින් දෙදෙනා ඝාතනය කර රඹුක්කන හුරුමළුව ප්රදේශයේ නිවසක වළදමා ඇති බවට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඊයේ එම නිවස පරීක්ෂා කළේය.
සිරුරු වළදමා ඇති බවට සැකකරෙන ස්ථානයේ සිදුකළ කැනීම්වලිදී එක් තරුණයෙකුගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබේ.