සිරගෙදරදී ලද අත්දැකීම් ඇසුරෙන් තමා පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බවත් සාමාන්‍ය පරිදි දැන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවත් මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව ඇප ලබා සිටින තිළිණි ප්‍රියමාලි පවසයි.
මූල්‍ය වංචා නඩු 09 ක් සම්බන්ධයෙන් පෙනී සිටීම සඳහා ඊයේ පෙරවරුවේ ඇය අධිකරණයට පැමිණි අවස්ථාවේ මේ බව සඳහන් කළේය.
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලි මූල්‍ය වංචා චෝදනා මත මාස දෙක හමාරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමෙන් අනතුරුව පසුගිය 16 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.