ජාතික තවුහිත් ජමාද් සංවිධානයට සම්බන්ධ සියළු දෙනා අත්අඩංගුවට ගත යුතුයි

0
5

ජාතික තවුහිත් ජමාද් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් ඊට සම්බන්ධ සියලු දෙනා ත්‍රස්තවාදී පනතයටතේ අත්අඩංගුවට ගැනිමේ හැකියාව පවතින බව පාහියංගල ආනන්ද සාගර හිමි පවසයි.

එහෙත් එය නිසි පරිදි ක්‍රියාත්මක වන බවට සැකයක් පවතින බව උන්වහන්සේ පවසන්නේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පාහියංගල ආනන්ද සාගර හිමි මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඊයේ (14) මාධ්‍යට අදහස් දැක්වු ඇල්ලේගුණවංශ හිමියන් පැවසුවේ රට තුළ සාමය බිද දැමිම සඳහා ඇතැම් ජාත්‍යන්තර සහ දේශිය සංවිධාන ඒකාබද්ධව විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බවයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ දේශපාලනඥයින් සහ විවිධ සංවිධාන ශ්‍රී ලාංකියත්වය අහිමි කිරිමේ උත්සහයක නිතර වන ලෙසය.