බංගලි ජාතිකයන් 12ක් අත්අඩංගුවට

0
2

ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මල්වාන ප්‍රදේශයේදී ව්‍යාජ නේවාසික වීසා මත මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදි තවත් බංග්ලාදේශ ජාතිකයින් 09 දෙනෙකු සපුගස්කන්ද සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙ.

ඔවුන් ද එලෙස මෙරට රැදී සිටි ඇති අතර ව්‍යාජ නේවාසික වීසා මත මෙරට රැදී සිටියදී අත්අඩංගුවට විදේශකයින් පිරිසක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේය.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුන් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබේ.