රජයේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි බිල වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය.
“ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු, මුල්‍ය කළමනාකාරවරු විශාල පිරිසක් එකට එකතුවෙලා අපි විශේෂ අධ්‍යනයක් කළා. එහිදී අපි විවිධ අවස්ථාවන් 20ක් අරගෙන ඒ අනුව කටයුතු කළා. ඒකෙදි එක එක අවස්ථාවෙදී විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව විශේෂ අධ්‍යනයක් කළා.”
“එතකොට ඒ අධ්‍යනය කියන එක යටතේදී තමයි අපිට දැනගන්න ලැබුණේ බිලියන 277ක විතර අඩුවක් හිටිනවා කියලා ලබන වසරේදී. සම්පූර්ණ වියදමයි අදායමයි අතර පරතරය. මේ මෙහෙයුම් අලාභය කියන එකේ පරණ ණය නැහැ.”
“ඔය බිලියන 77ක මෙහෙයුම් අලභාය තියෙනවා කියන්නේ ලබන වසර සඳහා පමණයි. ඒ සමහර දේවල් අපිට තීරණය කරන්න බැහැ. ඒක ලෝක පරිසරය අනුව වෙනස්වෙන දේවල්. ඒක තමයි රජයේ ප්‍රතිපත්තියක් ලෙස තීරණය කරලා තියෙන්නේ ජනවාරි පළමු වනදායි, ජුලි පළමු වනදායි විදුලි බිල වෙනස් කරන්න කියලා. එහිදී විදුලි බිල වැඩිවෙන්නත් පුළුවන් විදුලි බිල අඩුවෙන්නත් පුළුවන්.”