මෙම වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 5දා බ්රහස්පතින්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳව දෙවැනි වර කියවීමේ විවාදය එදින පැවැත්වීමට නියමිතව තිබේ.
එම රැස්වීමේදී උදේ 9:30 සිට උදේ 10 30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර එදින පස්වරුවේ රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක්ද පැවැත්වෙනු ඇත.