කෝට්ටේ නගරාධිපති සන්ෆලවර් සමග ඩ්‍රම්ස් ගහපු හැටි

0
78

කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා ලෙස කටයුතු කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබෙනවා.

නීල් වර්ණකුලසුරිය ප්‍රමුඛ සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම සමග ඔහු ඩ්‍රම්ස් වාදනයේ යෙදී ඇත්තේ කෝට්ටේ ප්‍රදේශයේ පැවති සංගීත රාත්‍රියකදී
යි.

දේශපාලන ජිවිතයේ දී අත්විඳීමට සිදුවන මානසික ආතතියෙන් මිදීමට ඩ්‍රම්ස් වාදනයට පුරුදු වී ඇති ඔහු කිසිදිනෙක ගුරුවරයෙකු යටතේ එය හදාරා නොමැති බවත් පැවසෙනවා.

මෙරට ප්‍රධාන සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදනය කිරීමට තරම් කෝට්ටේ නගරාධිපතිවරයා දක්වන දක්ෂතාව පහතින් නැරඹිය හැකියි.