ආනයනික පලතුරුවල තහනම් වල් නාශකවල සංඝටක තිබෙනවා

0
14

මෙරටට ආනයනික කිරිපිටි තොග ගණනාවක් නිසි මෙලමයින් පරීක්ෂාවෙන් තොරව වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් , එම කිරිපිටි වල ‘කිරි මේදය’ අඩංගු විය යුතු ප්‍රතිශතය සපුරා නොමැති බවත් පාර්ලිමේන්තු ගිණුම් කාරකසභා වාර්තාවෙන් හෙළි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (10) අනාවරණ කළේය.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් කියා සිටියේ ආනයනික පලතුරු සම්බන්ධයෙන්ද ගැටලු පවතින බවයි.

එහිද ඒ මහතා පැවසුවේ පිටරටින් ගෙන්වන ආහාරවල සුරක්ෂිතභාවයක් නොමැති බව තහවුරු තිබේන බවයි.

විද්‍යාත්මක දත්ත මත නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි මෙලමයින් පරීක්ෂා නොකර වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

ආනයනය කරන මිදි,දොඩම්,ඇපල්වල ලංකාව තුළ තහනම් වල්නාශකවල සංඝටක තිබෙන බවට තහවුරු වී තිබේන බවද වෛද්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.