අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
මහනුවර නගරයේ දි ඊයේ (29) පස්වරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට පත් ශිෂ්‍ය සංගම් සභාපතිවරයා මහනුවර මූලස්ථාන පොලීසියේ රඳවා තැබීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුළ සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 23 හැවිරිදි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.