අද (30) සහ හෙට (31) දින දෙක විශේෂ ඩෙංගු මර්දන දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
පසුගිය සති 04ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බැවින් මෙම ඩෙංගු මර්දන දින ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
මේ වන විට දිනකට රෝගීන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් රෝහල්වලින් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.
දෙසැම්බර් 26 වන දින විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 75,434 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය ගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් බව සඳහන්ය.
ඩෙංගු රෝග කාරක වෛරසය පතුරවන ඊඩිස් වර්ගයේ මදුරු ඝණත්වය රටේ බොහෝ ප්‍රදේශවල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතිබව ද කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ.