බිස්කට්-රසකැවිලිවලට වර්ණ සංකේත යෙදිමේ ක්‍රමය මාස 2කට කල්යයි

0
123

බිස්කට් හා රසකැවිලි සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික ගැටළු කිහිපයක් හේතුවෙන් තවත් මාස දෙකකින් කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඝන ආහාර හා අර්ධ ඝන ආහාරවල අඩංගු සීනි, මේදය හා ලුණු සදහා වර්ණ සංඛේත ක්‍රමය අද (02) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේය.

කෙසේවෙතත් වර්ණ සංඛේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මතු වූ ප්‍රායෝගික ගැටළු කිහිපයක් හේතුවෙන් ලබන ජුනි මස පළමුවනදා දක්වා තවත් මාස දෙකකින් එම වැඩපිළිවෙල කල් දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජේ.කේ. ජයසිංහ මහතා පැවසුවේ.