මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක පවතින සහල් මෙට්රික් ටොන් 21 ක් සත්ව ආහාර සැකසීම පිණිස ඒකල ප්රදේශයේ ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රික් විමර්ශන ඒකකය සඳහන් කරයි.
මෙහිදී එම ගබඩාවෙහි භාරකරු සමග කළමනාකරුද අත් අඩංගුවට ගනු ලැබූ බවත් සහල් තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 39 ක් පමණ වන බවත් දිස්ත්රික් විමර්ශන ප්රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය.
පොලොන්නරුවේ සිට සහල් තොගය රැගෙන විත් ඇති බව අනාවරණය වී බවද විමර්ශන ප්රධානීවරයා කීය.
පාරිභෝගික සේවා අධිකාරියේ 1977 දරණ හදිසි ඇමතුම් අංශයට ලැබී ඇති තොරතුරක් මත එම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කොට ඇති අතර අත් අඩංගුවට පත් සැකකරුවන් ජනවාරි මස 6 වෙනි දින වත්තල මහේස්ත්රාත් අධිකරණයහමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර
ඇපමත මුදාහැර ඇත.