ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ඇතුළුව කොවිඩ්-19 සුදුසු හැසිරීම් වෙත නැවත පැමිණෙන ලෙස ඉල්ලා ඇති අතර, එරට තුළ නව රෝගීන් පිළිබඳ නිරීක්ෂණ කටයුතු වේගවත් කර තිබේ.
ඉහළ සෞඛ්‍ය නිලධාරීන්ද එන්නත් ලබා ගැනීම සහ බූස්ටර මාත්‍රා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ.
ආසාදන මට්ටම පහත වැටීමෙන් පසු ඉන්දියාව මේ වසර මුලදී මුඛ ආවරණ පැලඳීමේ නීති ලිහිල් කළේය.
නමුත් අසල්වැසි චීනයේ රෝගීන්ගේ වැඩිවීමත් සමග මේ ආකාරයෙන් රට සීරුවෙන් තබා ඇත.
පසුගිය මාස කිහිපය තුළ, චීනයේ රෝගීන් වැඩිවීමට සම්බන්ධ වූ ඔමික්‍රෝන් උප ප්‍රභේදය වන BF.7 නිසා ඇති වූ කොවිඩ්-19 රෝගීන් හතරක් මේ වනවිට ඉන්දියාව විසින් වාර්තා කර තිබේ.
2020 සහ 2021 දී මාරාන්තික කොවිඩ් රැළි දෙකක් දුටු ඉන්දියාව – කලබල වීමට හේතුවක් නොමැති බවද ඇතැම් විශේෂඥ මතය වී ඇත. ඒ ඉන්දියාව තුළ රංචු ප්‍රතිශක්තීකරණයක් ඇතිවී තිබෙන බව පවසයි.