තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් පෙරළී යාමෙන් එහි ගමන් ගත් නාවිකයන් 31දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
ගැඹුරු මුහුදේ දී අදාල නෞකාව අනතුරට පත් වන විට නාවිකයන් සිය දෙනෙක් පමණ එහි රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මුර සංචාරයක යෙදී සිටි මෙම යාත්‍රාව කුණාටුවකට හසුව පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
කුණාටුව හේතුවෙන් නෞකාව වෙත ජලය ඇතුළු වී එහි එන්ජින් කාමරයේ විදුලිය විසන්ධි වී තිබෙනවා. මුදා ගැනීමේ කණ්ඩායම විසින් අනතුරට ලක් වූ නාවිකයින් හැත්තෑ පස් දෙනෙකු බේරා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් කළා.