ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික සහ පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් මහනායක හිමිවරු සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එවැනි එකඟතාවයකට පැමිනෙන තුරු එම විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.