ඊයේ (18) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඇහැටුවැව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මුහුණදුන් අපහසුතාව සම්බන්ධයෙන් සොයා බැලීමට වෙත නිලධාරීන් කණ්ඩායමක් යවා තිබේ.
අද (19) එම නිලධාරීන් පිටත්කර යවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.
මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“සමස්ත ශ්‍රී ලංකාවේම විභාග පැවැත්වීම සම්බන්ධීකරණය කරමින් විභාගය සාර්ථකව පැවැත් වුණා. මාස එක හමාරක් දෙකක් ඇතුළත ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට අනිද්දම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කරනවා.ඒ රැස්වීම් පවත්වලා අපි බලනවා උපරිම කෙටිම කාලයක් තුළදී මේ ප්‍රතිඵල ලබාදෙන්න. දැනට අපි උසස්පෙළ විභාය ජනවාරි 23 වනදා පවත්වන්න අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යනවා. ඉතින් ඉදිරි කාලය තුළදී ප්‍රධාන වශයෙන් ඒ අරමුණ තියෙන්නේ A/L විභාගය සම්පූර්ණ කරන්න. මේ අතරතුරම අපි පටන් ගන්නවා මැයි මාසයේ පැවැත්වෙන සාමන්‍ය පෙළ විභායෙත් ඉදිරි කටයුතු ආරම්භ කරන්න.”