පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුන් සිව්දෙනෙකු සිදුකළ පහරදීමකින් පළමුවන වසරේ සිසුවෙකු රෝහල් ගත කර තිබේ.
සිද්ධියට සම්බන්ධ සිසුන් සිව්දෙනා බීමතින් පැමිණ අදාළ පළමුවන වසරේ සිසුවාට පහරදීමක් සිදුකර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය සඳහන් කළේය.
පහරකෑමෙන් තුවාල ලැබු සිසුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදුන් සිසුන් මේ වන විට හඳුනාගෙන ඇති බව සඳහන්ය.
එම සිසුන්ට එරෙහිව විශ්වවිද්‍යාල මට්ටමේ පරීක්ෂණයක් පවත්වා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය පැවසීය.