සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂල පවසනවා.
අදාළ ප්‍රහාරයෙන් ඔහුගේ අතට, උරහිසට හා පාදයකට තුවාල සිදුව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රතිඳු සේනාරත්න සඳහන් කළේ.
එසේම මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද දැනුවත් කිරීමට කටයුතු කරන බවයි පියත් නිකේෂල මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.