අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඇනවුම් කර තිබූ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවය.
ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් පවතින බව සභාපතිවරයා පවසයි.
ඒ අනුව උත්සව සමය තුළ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය.
“අපි අද උදෑසන 12.5 ගෑස් සිලින්ඩර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒ වගේම අනෙක් සිලින්ඩරුත් මේ වගේම වෙළෙඳපොළ අද නිකුත් කරනවා. මේ වනවිට ආපු නෞකාවේ ගොඩබෑම් කටයුතු සිදුවෙමින් පවතිනවා. 117,000ක පමණ සිලින්ඩර ප්‍රමාණයක් අද දිනයේ නිකුත් වෙනවා. ඉදිරියටත් එහෙම සිදුකෙරනවා.”