කොටහේනේ වෙඩි තැබීමක්-කුඩු චූටි රෝහලට

0
120

කොටහේන පොලිස් වසමේ මැල්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබිමකින් තුවාල ලබා කාන්තාවක් රෝහල් ගත කර තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩි පහරින් තුවාල ලබා ඇත්තේ මැල්වත්ත ප්‍රදේශයේ බෝධිරාජ මාවතේ නිවසක සිටි 39 හැවිරිදි කාන්තාවක් වන අතර අදාළ කාන්තාව මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ආශා ෆාරි නොහොත් කුඩු චූටී නැමති කාන්තාව බව වාර්තා වෙයි.

ඇය හෙරෝයින් ජාවාරමේ නිරත තැනැත්තියක් වන අතර කංජීපානි ඉම්රාන් තැමති සංවිධානාත්මක අපරාධකරුවෙකු ගේ අනියම් බිරිඳක බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටහේන පොලීසිය විසින් සිදු කරයි.