අතරමං වූ අලි පැටවෙකු වනජීවියට

0
174

මින්නේරිය ජාතික වනෝද්‍යානය අයත් මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ අතරමං වී සිටි වන අලි පැටවෙකු මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන් විසින් අල්ලා ගෙන තිබේ.

මෙම අලි පැටවා ඊයේ(12) සවස වනජීවි විසින් අල්ලා අල්ලා ගත් බවට වාර්තා වේ.

දින කිහිපයක සිට වන අලි පැටවෙකු අතරමං වී සිටින බවට බටුඔය ප්‍රදේශයවාසීන්ගෙන් ලැබූ තොරතුරතක් මත මින්නේරිය ජාතික වනෝද්‍යානය වනජීවි නිලධාරීන් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් මෙම වන අලි පැටවා සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස අතරමං වී සිටි අලිපැටවා වයස මාස 5-6 අතර වියේ පසුවන බවත් උස අඩි තුනහමාරක් පමණ වන බව වනජීවි නිලධාරීන් පවසයි.

අල්ලා ගනු ලැබූ මෙම වන අලි පැටවා ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගිය අතර මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව උඩවලව ඇත්අතුරු සෙවන වෙත රැගෙනයාමට කටයුතු කරන බව වනජීවි නිලධාරීන් පැවසීය.