අබලන් තත්වයට පත්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15දා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.
මහව සිට යාපනය දක්වා දුම්රිය ජනවාරි 15 වැනිදා සිට මාස පහකට නතර කරන්න වෙනවා. යාපනය දක්වා දුම්රිය දිගටම වැඩ කළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා. මාස 5ක් ඇතුළත එය නිම කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.