බදුල්ල වේවැස්ස තේ වත්තේ දී ඊයේ (26) සවස 6.00 ට පමණ මුගුරකින් පහරදී 60 හැවිරිදි තම පියා ඝාතනය කළේයැයි සැකපිට ඔහුගේ 35 හැවිරිදි පුතා අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
කම්කරු නිවාසයේ ඉදිරියේ මිදුලේදී මෙම පහරදීම සිදුව ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ .
සැකකරු නිවස අසල කුඩාමඩුවක සිටියදී ඊයේ දිනම අත්අඩංගුවට ගත් අතර ඔහු කථන හා මානසික ආබාධිත සහිත පුද්ගලයෙක් බවද විමර්ශන වලදි අනාවරණය වූ බව පොලිසිය සදහන්කළේය
සැකකරු වියරු ලෙසින් හැසිරෙද්දි පවුලේ සෙසු සාමාජිකයන් නිවසින් එලියට දිවගොස් බේරි ඇති නමුත් මරනකරු මෙම ඛේදවචාකයට ගොදුරුව තිබේ
මියගිය පුද්ගලයා මෙම වත්තේම (වේවැස්ස ) අනියම් කම්කරුවෙකු ලෙස රැකියාව කරන පස් දරු පියෙකි
බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වේ.