මාස හයකට පසු යළිත් චීනයෙන් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ.
87 හැවිරිදි බීජිං නගරයේ පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව පසුගිය මැයි මාසයෙන් පසුව එරටින් වාර්තා වූ පළමු කොවිඩ් මරණය මෙය ලෙස සැලකේ.
කොවිඩ් පැතිර යාමේ අවදානම හේතුවෙන් මේ වන විට බීජිං ඇතුළු චීන නගර කිහිපයකටම දැඩි සීමා පනවා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඊයේ (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,267ක් චීනයෙන් වාර්තා වී තිබේ