අවුරුදු අවුරුදු 20ත් 24ත් අතර වයසේ පසුවන තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය පවසයි.
මේ වසරේ තෙවන කාර්තුව අවසන් වන විට අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩය යටතේ නව ආසාදිතයින් 88 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 78 දෙනෙකු අවුරුදු 20ත් 24ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් බව සඳහන්ය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාධවී ගුණරත්න මහත්මිය,
“දැන් මේ අවුරුද්දේ තුන්වන කාර්තුව අවසන් වෙලා තියෙනවා. තුන්වන කාර්තුව අවසන් වනවිට HIV නව රෝගීන් 708ක ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. 1987 දී පළමු HIV රෝගියා වාර්තා වූ කාලය එක්ක බලනකොට අපි වාර්ෂිකව අලුතින් රෝගීන් හඳුනා ගන්නවා. 2026 තුන්වන කාර්තුව අවසන් වෙද්දි 8,111ක් හඳුනා ගෙන තියෙනවා. 2026 කාර්තු තුන ගත්තොත් අපිට දැනට මේ වනවිට 15 – 24 කාණ්ඩයේ රෝගීන් 88 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා. ඉන් 78 දෙදෙනෙකුම අවුරුදු 20ත් 24ත් අතර වයස් කාණ්ඩයේ තරුණ තරුණයි.”

