මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් අතුරින් විසි ලක්ෂයේ සංචාරකයා අද (20) දිවයිනට පැමිණ තිබේ.
රුසියානු ජාතිකයෙකු වන මොහු සමග පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුද එහිදී මෙරටට පැමිණ ඇත.
මේ සම්බන්ධව විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ තුන්වන වසරටත් අඛණ්ඩව ලක්ෂ 20 සීමාව ඉක්මවීමට හැකි වූ බවත් විවිධ අභියෝග රැසක් මැද මෙය සුවිශේෂී ජයග්‍රහණයක් බවත්ය.
2018 වසරෙන් පසුව 2024, 2025, සහ 2026 වසර තුළදී මෙම ලක්ෂ 20 සීමාව ඉක්මවා තිබේ.
ගෝලීය අර්බුද රැසක් හමුවේ සංචාරක කර්මාන්තය සිය ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙරට සංචාරක ක්ෂේත්රය කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාසය පිළිබිඹු කරන බවත් 2025 සංචාරක වාර්තාව 2026 වසරේ අභිබවා යාම අපේක්ෂාව බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.

