රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා පමණක් මේ වන විට වසරකට රුපියල් බිලියන 900කට ආසන්න මුදලක් වැය වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට පත්වීම් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය සේවක වැටුප් හා දීමනා ඇතුළු මෙම සියලු වියදම් පියවනු ලබන්නේ මෙරට මහජනතාව ගෙවනු ලබන බදු ආදායමෙන් බවය.
එබැවින් මහජන මුදල් පිළිබඳව මනා අවබෝධයකින් හා වගකීමකින් යුතුව රාජකාරි ඉටු කිරීම සෑම රාජ්‍ය සේවකයෙකුගේම වගකීමක් බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා පැවසුවේ මෙම මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,600ක්ද සෞඛ්‍ය පද්ධතියට බඳවා ගැනීමට නියමිත බවය.
එමෙන්ම නව පත්වීම්ලාභීන්ටද රජය ක්‍රියාත්මක කර ඇති වැටුප් සංශෝධනවල ප්රතිලාභ හිමිවන බවද පැවසූ අමාත්‍යවරයා ජනවාරි මාසයේ මූලික වැටුප් වැඩිවීමක්ද, ජූලි මාසයේ සිට දීමනා වැඩිවීමක්ද ලබා දීමට නියමිත බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
