පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි ඉල්ලා කොළඹ විහාර මහාදේවි උද්යානයේ පැවති සත්යග්රහය අද (25) පස්වරුවේ තාවකාලිකව අවසන් කිරීමත් සමඟ එහි අටවා තිබූ අට්ටාල ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
දින 10ක් මුළුල්ලේ කොළඹ විහාර මහාදේවි උද්යානයේ පැවති සත්යග්රහය මෙලෙස අවසන් කෙරුණේ තෛනිකායික මහනායක හිමිවරුන් ලිඛිතව සිදුකළ දැනුම්දීමකට අනුවයි.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් ඔක්තෝබර් (10) මහනුවර ශ්රී දළදා මාලිගා පරිශ්රයෙන් ආරම්භ විය.
ඒ අනුව පාගමනින් වැඩමකළ භික්ෂූන් වහන්සේ පසුගිය 16 වනදා කොළඹට ලඟා වුණි.
ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණ එහි දහවල් වනතෙක් රැඳි සිට භික්ෂූන් වහන්සේ පිරිස පසුව බුද්ධශාසන අමාත්යංශය ඉදිරිපිටට වැඩම කළේය.
එහිදි එම අමාත්යංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වු බව පවසමින් විහාරමහා දේවි උද්යානය වෙත වැඩම කිරිමට භික්ෂූන් වහන්සේ පියවර ගත්තාය.
පසුව එහි සත්යග්රහයක් ආරම්භ කළේය.
ඒ අනුව අද වන තෙක් දවස් 10ක් පුරා එම සත්යග්රහය විහාරමහා දේවි උද්යානය පරීශ්රයේ පැවැත්වුණි.

