අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ පස්වරු 4.30 සිට 8.30 දක්වා දිවයිනේ සියලු ප්රදේශ කලාප 4කට බෙදා පැයක කාලයක් සඳහා විදුලිය කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.
ඒ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසරය ඉල්ලා ඇති බව ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා කියාසිටියේ.
“එම කටයුතු අපේ වෙබ් සයිට් එකෙත්, මහජන උපයෝගීතා කොමිසමේ වෙබ් සයිට් එකෙත් පළ කරලා ඇති කියලා හිතනවා. අපි එන්න කලින් ඒ කටයුතු සිදු කරලා ආවේ. අපි මුලින් හිතුවා පැය දෙක දෙක වගේ යනවා ද කියලා. ඊට පස්සේ අපි හිතුවා, මොකද පද්ධති පාලන මධ්යස්ථානයට පැයෙන් පැයට ෆීඩ් එක කළමනාකරණය කරනවා කියන්නේ, ලොකු කර්ත්යවයක්. හැබැයි අපි ඒ කටයුත්තට වැඩිපුර ඉංජිනේරු මහත්වරුත් පද්ධති පාලන මධ්යස්ථානයට අනුයුක්ත කරලා ඒ එක්කම NTSP ආයතනයටත් ලොකු වගකීමක් තියෙනවා. මොකද පද්ධති පාලන මධ්යස්ථානයෙන් දෙන උපදෙස් අනුව අපි දෙන ෆීඩස් මැනුවලි අපේ පද්ධතියෙන් ඉවත් කරන්න ඕනේ. ආයෙත් පැයකට පස්සේ පද්ධතියට එකතු කරන්න ඕනේ. “

