පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන්ගේ ව්යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, මදුරුවන් බෝවිය හැකි ස්ථාන කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එහි වැඩබලන අධ්යක්ෂ වෛද්ය කපිල කන්නංගර මහතා පෙන්වා දෙන්නේ, නිසි පරිදි මදුරු මර්දන කටයුතු සිදු නොකළහොත් ඉදිරියේදී යළිත් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවය.
වැසි සමයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්යාව ඉහළ යාමේ ප්රවණතාවක් ඉතිහාසය පුරාම නිරීක්ෂණය වී ඇති බව ද වෛද්යවරයා සඳහන් කළේය.
මේ වනවිට සෑම දිස්ත්රික්කයකම ඩෙංගු මදුරු කීට සමීක්ෂණ සිදුකරමින් පවතින බවත්, දැනට පාලනය කර ඇති තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මහජනතාවගේ සහාය අත්යවශ්ය බවත් ඔහු අවධාරණය කළේය.
නිරිතදිග මෝසම් සමයේදී ඇති වූ අධි අවදානම් සහ අධි වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට ජනතාව ලබාදුන් සහාය ඉවහල් වූ බව ද වෛද්ය කපිල කන්නංගර මහතා පෙන්වා දුන්නේය.
එම තත්ත්වය යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා සියලුදෙනා එක්ව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට වහාම පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන්ම, නිවෙස් සහ පරිශ්රවල ජලය රැඳී පවතින ස්ථාන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට හෝ ජලය රැඳීම වැළැක්වීමට කටයුතු කිරීම වැදගත් වේ.

