දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, එම වාන් දොරටු හරහා තත්පරයට ඝන අඩි 5,600ක ජල ධාරිතාවක් පහළට මුදාහරිමින් පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමනාකරණ) සඳහන් කළේය.
ජලාශයේ ඉහළ පෝෂක ප්රදේශවලට පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ වාන් දොරටු විවෘත කර ඇති ප්රමාණය තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
එබැවින්, දැදුරුඔය පහළ ප්රදේශවල දෙපස ජීවත් වන අවදානම් සහිත ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
