එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ජිනීවා නුවරදී අද (07) පස්වරුවේ ආරම්භ විය.
මෙවර සැසිවාරය එළැඹෙන ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම සැසිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ දේශනයෙන් ආරම්භ කෙරුණි.
එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව හෙට (08) දින මෙම සැසියට ඉදිරිපත් කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් සිදු කිරීමට නියමිතය.
එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් යළිත් ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ මුලික පිටපතක් පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරිණි.
මෙම වාර්තාවේ සඳහන් පරිදි, වත්මන් රජය බලයට පත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ වගවීම වැනි විශාල වෙනස්කම් සිදුකිරීමේ පොරොන්දුව මත බව සිහිපත් කර ඇත.

