මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ගන්නා ලද ආදායම පසුගිය වසරේ මුල් මාස 7ට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකු වාර්තාවකට අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා වූ ගතවූ මාස 7ට සංචාරක ආදායම ලෙස වාර්තා වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,796.7කි.
කෙසේ නමුත් පසුගිය වසරේ එම කාලය තුළ සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,031.1ක් උපයා ගෙන තිබුණි.
ඒ අනුව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම වසරේ අදාළ කාලය තුළ සංචාරක ආදායමෙන් ලැබූ ආදායම 11.5%කින් පහළ යාමක් පෙන්නුම් කර ඇතැයිද මහ බැංකුව පවසයි.
එමෙන්ම පසුගිය වසරේ ජූනි මාසයේදී සංචාරක ආදායමමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 318.5ක් උපයාගෙන තිබූ අතර මෙම වසරේ පසුගිය ජූනි මාසයේදී සංචාරක ආදායමෙන් උපයාගෙන ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 285.5කි.
මේ අතර මෙම වසරේ ගතවූ මාස 7ක කාලය තුළ විදෙස් ප්‍රේශණ තුළින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 8,382.4ක් උපයා ගැනීමටද සමත්ව තිබේ.
එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී වර්ධනයක් දක්නට ලැබෙන අතර පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 4,435.2කි.
එමෙන්ම පසුගිය වසරේ ජූලි මාසයේදී විදෙස් ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 697.3ක් වාර්තා කර ඇති නමුත් මෙම වසරේ ජූලි මාසයේදී විදෙස් ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 777.6ක් වාර්තා කර තිබේ.

