රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 325ක් සමඟ පුද්ගලයෙකු එඬේරමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වත්තල, එඬේරමුල්ල, සන්ෆ්ලවර් ගාර්ඩ්න්ස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 325ක් සොයාගෙන තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “බ්ලුමැන්ඩල් රවී”ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු බවය.
සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා එඬේරමුල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

