අද වනවිට ගොවි ජනතාව මුහුණපා සිටින ගැටලුව මෙරට ජාතික ප්රශ්නය බවට පත්වී ඇතැයි සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
පොළොන්නරුවේ ගොවි නායකයින් සමග අද (01) පැවති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ගැටලුවට විසඳුම් සෙවීම රජයේ ප්රමුඛ කාර්යය කරගත යුතු බවය.
සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද පෙරවරුවේ මැදිරිගිරිය ප්‍රදේශයට ගොස් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණපා සිටින ගැටලු සම්බන්ධයෙන් ගොවි නායකයින් සමග සාකච්ඡාවක නිරත වුණි.
එම අවස්ථාවට සර්වජන බලයේ උප සභාපති ආචාර්ය චන්න ජයසුමන, නියෝජ්‍ය ලේකම් රුෂාන් මලින්ද යන මහත්වරුන්ද එක්විය.

