රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 232ක් විවිධ රටවල සැඟව සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ඉන් 37 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවට මේ වන විට හඳුනා ගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවය.
පසුගිය මාස 20ක කාලසීමාව තුළදී සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙකු රතු නිවේදන හරහා මෙරටට රැගෙන විත් ඇති බව පැවසූ අමාත්‍යවරයා රතු නිවේදන නොමැතිව තවත් පුද්ගලයින් 35ක්ද මෙරටට රැගෙන ආ බවද පැවසීය.
ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 58ක් මෙරටට රැගෙන විත් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා පැවසුවේ මෙම පිරිසට අමතරව තවත් රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් 96 දෙනෙකු විදෙස් රටවල සැඟව සිටින බවත් ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මැලේසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, රුසියාව, ඉතාලිය, සෞදි අරාබිය ආදී රටවල සිටින බවටද අමාත්‍යවරයා මෙහිදී අනාවරණයක්ද සිදු කළේය.
ඒ අනුව හැකි ඉක්මනින් එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දෙවැනි පෙළ සහ තුන්වැනි පෙළෙහි සිටින පිරිස් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

