2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (25) සිට ජූලි 08වනදා දක්වා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, පාසල් සහ පෞද්ගලික සියලුම අයදුම්කරුවන් තමන් විසින්ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර වෙනත් ක්‍රමයක් හරහා අයදුම්පත් භාර නොගන්නා බවද සඳහන් වේ.
අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අපගේ සේවා ” යටතේ ඇති “Exam Information Centre” මත Click කිරීම හරහා අයදුම් කළ යුතු වේ.
පද්ධතියට පිවිසීමේදී පරිශීලක ගිණුමක් ඇති අය තම විභාග අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු අතර, නව පරිශීලකයින් ජාතික හැඳුනුම්පත් අංකය සහ ජංගම දුරකථන අංකය භාවිතයෙන් ලියාපදිංචි විය යුතු බවද නිවේදනයේ සඳහන් වේ.
අයදුම්පත් සම්පූර්ණ කිරීමට ප්‍රථම තාක්ෂණික උපදෙස් , පොදු උපදෙස් කියවීම සහ උපදෙස් වීඩියෝව නැරඹීම, නිවැරදි ආකාරයට අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එක් විෂයයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රු. 200ක් වන අතර එය ණය පත් (Credit Card), හර පත් (Debit Card) හෝ තැපැල් කාර්යාල මගින් ගෙවිය හැක.
ගෙවීමෙන් පසු අයදුම්පත PDF ආකාරයෙන් බාගත කර තබාගත යුතු අතර SMS දැනුම්දීමක්ද ලබාදෙන බව සඳහන් වේ.
එක් වරක් පමණක් online අයදුම් කළ හැකි අතර ගාස්තු ගෙවූ පසු මුදල් ආපසු නොගෙවනු ඇති බවද නිවේදනයේ අවධාරණය කර ඇත.
වැඩිදුර තොරතුරු සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 785 231 ඇතුළු නිල දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැක.

