මහනුවර – තලාතුඔය, මයිලපිටිය ප්‍රදේශයේදී සිදු වූ රියඅනතුරකින් වයස අවුරුදු දෙකයි මාස දෙකක් වූ කුඩා දැරියක් ඛේදනීය ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (03) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ තැන්නකුඹුර – රාගල මාර්ගයේදීය.
පොලීසිය පැවසුවේ, තැන්නකුඹුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.
අනතුර සිදුවන අවස්ථාවේදී කුඩා දැරිය ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම හඟුරන්කෙත රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, රෝහල්ගත කිරීමෙන් පසු දැඩි සත්කාර මධ්‍යයේ පසුවූ කුඩා දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උනුවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
තුවාල ලැබූ දැරියගේ මව සහ ත්‍රීරෝද රථය පැදවූ පියා මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියැදුරු මේ වන විට තලාතුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

