තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ අද (27) නවදිල්ලියේදී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.
එහිදී ප්‍රාන්තයට අදාළ කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තමිල්නාඩුවේ බලයට පත්වීමෙන් පසු විජේ නවදිල්ලිය වෙත ගිය ප්‍රථම අවස්ථාව ද මෙය වන බව සඳහන් වේ.
මෙහිදී සුබසාධන සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර ලබා ගැනීම, ප්‍රධාන සංවර්ධන මුලපිරීම් සඳහා අවසර ලබා දීම සහ මතභේදාත්මක Mekedatu ජලාශයේ ජල ආරවුල මැදිහත් වීම ඇතුළු තමිල්නාඩුවේ දිගුකාලීන ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අග්‍රාමාත්‍යවරයාට සංදේශයක් ඉදිරිපත් කර ඇත.

