මෙරට වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම වත්මන් රජයේ ඒකායන අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පනිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.
අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

