මින් ඉදිරියට වේගසීමා තරයේ පිළිපදිමින් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව ලොකමෝටිව් ඔපරේටිව් ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා පවසයි.
ඒ හේතුවෙන් දුම්රිය ධාවනයේ යම් ප්රමාදයක් ඇති විය හැකි බව ද ඔහු අවධාරණය කළේය.
පසුගියදා වාද්දුවේදී පීලිපැනීමට ලක්වූ සාගරිකා දුම්රියේ රියදුරන්ගේ සේවය නතර කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙය වෘත්තීය ක්රියාමාර්ගයක් නොවන බව ද ජීව ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

