අමෙරිකාවේ සහ ඊශ්‍රායල් ප්‍රහාරවලින් සහ ඔත්තුකරුවන්ගෙන් සැඟවීම සඳහා ඉරානයේ උත්තරීතර නායක මොජ්ටාබා කමේනි විසින් සිය ආරක්ෂක ප්‍රොටෝකෝල දැඩිකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, සමීප ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු හැර ඔහුව හමුවීමට කිසිවෙකුට අවසර නොමැති බව සඳහන් වෙයි.
මේ අතර, ඉරාන නායකත්වය විසින් සිය පණිවුඩ ඉරානය පුරා සිටින ආරක්ෂක බලඇණි වෙත යොමුකරන අතර ඒ සඳහා කිසිදු සන්නිවේදන උපකරණයක් භාවිත නොකරන බවඳ සඳහන් ය.
ඒ වෙනුවට ඔහු අතින් ලියනලද නියෝග යතුරුපැදිකරුවන් හරහා අප්‍රසිද්ධ මාර්ග ඔස්සේ මිනිස් දාමයක් හරහා යොමුකරවන බව වාර්තා වෙයි.

