දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් 2015 වසරේ මෙම සැකකරු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නියමිත නීතිමය පටිපාටියෙන් බැහැරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුළු සේවකයින් එකසිය තිස් හතර දෙනෙකු කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇතැයි පැවසීය.

