ලෝක වෙළෙඳපොළේ රත්රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්රං මිල ද ඉහළ ගොස් තිබේ.
අද (20) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර් 4,829 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද (20) උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 2,000ක් බව සඳහන්ය

