විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එහි බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අද (15) නුගේගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණ කළේය.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය හේතුවෙන් තාප විදුලි උත්පාදනය අඩුවීමට පිළියමක් ලෙස මෙම පියවර ගැනීමට යෝජනාවී ඇති බව ද ඔහු අවධාරණය කරයි.
පසුගිය මාර්තු 24 වෙනිදා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව බහුජන ලේකම්වරයා පෙන්වා දුන්නේය.

