සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සමාජ භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.
ඒ අනුව නිවාඩු සමයේ සිදු කරනු ලබන ගමන් බිමන්වල ඡායාරූප හා වීඩියෝ එසැනින් සමාජ මාධ්‍ය වෙත දැමීමෙන් වැළැකී සිටිය යුතුය.
තමන් නිවසේ නොසිටින බවට ලෝකයාට පැවසීම සොරුන්ට වාසියක් වනු ඇති බව පොලිසිය අවධාරණය කරයි.
සිය අත්දැකීම් යළි නිවසට පැමිණීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදාහැරීමට කටයුතු කරන ලෙසට පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

