සබරගමුව පළාතට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් වෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම ප්‍රදේශවලට අද සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.
වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, මෙම නිවෙද්නය අද රාත්‍රී 11 දක්වා බලපැවැත්වේ

