නෙළුව, මාදුගැට ප්රදේශයේ, ගිං ගඟෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පිටදෙනිය, බටුවංගල ප්රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි.
ලද තොරතුරක් මත ක්රියාත්මක වූ නෙළුව පොලීසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම මළ සිරුර ගොඩගෙන ඇති බව සඳහන්ය.
මරණකරු ගතියෙන් යුතු පුද්ගලයෙකු වන බව මූලික විමර්ශනවලදී අනාවරණවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

