ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (14) දින 15ක් ගතවී තිබේ.
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එමෙන්ම අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාවෙන් තීරණයක් ගෙන ඇත.
මේ අතර විදෙස් වාර්තා පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය අසල කාර්ග් දූපතේ හමුදා ස්ථාන කිහිපයකටම අමෙරිකාව විසින් බෝම්බ හෙළා ඇති බවය.

