ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල් ඛනිජ තෙල් නිෂ්පාදන තම රටින් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනය කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කළේය.
ඉන්දියාව පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන අසල්වැසි රටවලට අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවෙකු වන බව ද ඔහු පෙන්වා දෙයි.

